මාධ්‍යවේදියා නිදහස්
තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්තැයි සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ආතර් වාමනන් සොර්ණලිංගම් පොලිසියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කැර ගත්තේය. ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පවරා තුබූ නඩුව අවසන් කැර ඔහු නිදහස් කිරීම නිසා ඒ පියවර ගත් බව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කීහ.
ඇමැති මනෝ විජේරත්න මහතාගේ බිරියගේ ජංගම දුරකතන බිල, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ගෙවූ බව කියන සිද්ධියක් සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිටි බවට ලද පැමිණිල්ලක් අනුව 2007.10.25 වැනි දා ඔහු රිමාන්ඩ් කැරිණි. ඊට පසුදාම ඔහුට ඇප දුන් එවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අයේෂානි ජයසේන මහත්මිය රහස් පොලිසියට පැවැසුයේ සමාජයේ යහපත තකා දුෂණ හෙළි කරන මාධ්‍යවේදීන් බොරු නඩුවලට නොපටලවන ලෙසයි.

