(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන්ම රටේ මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය තේරුම් ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.
"අද ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයයි. ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු අවස්ථාවේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමෙනුයි.
තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කර්තෘවරුන් තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා. අද වැනි දිනක මාධ්‍යවේදීන්ට නිදහසේ ඉන්න නොදී හිරිහැර කිරීම තුලින් මෙරට මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය හොඳින්ම පේනවා

