මාදම්පේ ගින්නක්


මාදම්පේ ඉස්සන්මැඩිල්ලේ ගින්නකින් පැළ පොල් ඇතුළු පොල් වගාවකට හානි සිදුවී ඇත.

හලාවත ප්‍රාදේශීය සභාව, මාදම්මේ පොලිසිය හා යුද හමුදාව එක්ව ගින්න පාලනය කළේය.

අඩු ගණනේ අක්කර සියයකට පමණ ගින්න පැතිරෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

වෙල්යායකින් ගින්නට හට ගන්නට ඇතැයි ද පොලිසිය පවසයි.