මාදම්පේ අනතුරකින් දෙදෙනක් මරුට



 
 
ජුඩ් සමන්ත
 
අධික වේගයෙන් ගමන්කර ඇති යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවගේ ගැටීමෙන් යතුරු පැදිකරු සහ කාන්තාව යන දෙදෙනාම මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය කියයි.


මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ (16) මෙම අනතුර සිදුවී ඇත.


අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ - පැලවත්ත පදිංචිව සිටි ජයමහ මුදලිගේ දොන් කසුන් වීරසිංහ (අවු:31) සහ මාදම්පේ - කල්‍යාණිවත්ත පදිංචිව සිටි මහමරක්කලගේ ජොසපින් නෝනා (අවු:73) නම් වූ කාන්තාවකි.


යතුරුපැදිය අධික වේගයෙන් මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වී ඇත. එම අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා වම් පස සිට දකුණු පසට ගමන් කරමින් සිට ඇත. යතුරු පැදිය කාන්තාවගේ ගැටී පෙරළී ගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.