මාතලේ ශා. තෝමස් ක‍්‍රීඩකයෝ ධර්මපාල විදුහල පරාජය කරති


මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් ශාන්ත තෝමස් විදුහල ලකුණු 15-5 ක ජයක් ලැබීය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.