මාතලේ විජය - සීතාදේවි විදුහල් 19 න් පහළ හොකී ශූරතා දිනයි


මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මධ්‍යම පළාත් පාසල් වයස 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මාතලේ නන්දිමිත‍්‍ර ඒකනායක කෘතිම හොකී ක‍්‍රීඩා පිටියේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේ බාලිකා ශූරතාව මහනුවර සීතාදේවි බාලිකා විදුහල දිනා ගත්තේය. බාලක අවසන් මහා තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල ගෝල 1/0 කින් පරාජය කිරීමට විජය විදුහල් පිල සමත්විය. මධුමාල් විමලගුණරත්න තරගයේ පළමු අර්ධයේදීම විජය විදුහලට ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තේය. අවසන් පුර්ව වටයේදී විජය විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල (ගෝල 2/0) ද, ශාන්ත තෝමස් විදුහල විසින් මහනුවර ධර්මරාජ විදුහල (ගෝල 2/0) ද පරාජය කරන ලදී. ශාන්ත සිල්වෙස්තර විදුහල බාලක තෙවැනි ස්ථානය ලැබීය. සීතාදේවි බාලිකා විදුහල සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැති බාලිකා අවසන් මහා තරගයෙන් සීතාදේවි විදුහල් ක‍්‍රීඩිකාවෝ ගෝල 1/0 ක ජයක් ලැබුහ. සීතාදේවි විදුහල් පිලේ වත්සලා ජයසිංහ තරගයේ දෙවැනි අර්ධයේදී ගෝලය ලබා ගත්තාය. අවසන් පුර්ව වටයේදී සීතාදේවි විදුහල විසින් මහනුවර පුෂ්පදාන විදුහල (ගෝල 3/1) පරාජය කරන ලද අතර සංඝමිත්තා බාලිකා විදුහල විසින් ශාන්ත අන්තෝනි බාලිකා විදුහල (ගෝල 2/0) පරාජය කරන ලදී. මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල බාලිකා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.බාලක ශූරතාව දිනාගත් මාතලේ විජය විදුහල් පිලබාලිකා ශූරතාව දිනාගත් මහනුවර සීතාදේවි විදුහල් පිල