මාතලේ රෝහලෙන් තව ඇටකටු


මාතලේ මහා රෝහල් භූමියේ අඩු ගණනේ සිරුරු හතරකවත් ඇටකටු ඇතැයි මාතලේ පොලිසිය කියයි. අද හිස්කබලක කොටස් ද සොයා ගත්තේය. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් කරන ලෙස මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය.