මාතලේ මිනී වළ අභිරහසක්


මාතලේ රෝහලේ මිනිස් ඇට සැකිළි කාගේදැයි වහා හෙළි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලයි. රෝහල සුසාන භූමියක් නොවන නිසාත්, අක්‍රමවත් ලෙස එහි සිරුරු දමා ඇති බව පෙනෙන නිසාත්, රෝහල් බිමේ සිරුරු වළ දැමූ බවට නීතිමය හෝ නිල තොරතරු නැති නිසාත් මේ මිනී වළ ගැන සැක පහළ වී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩලය කියයි.