ගෙවල් මතට කඳු කඩා වැටීමෙන් රත්තොට, අල්වත්ත, ලෝන්විල්, වෙලන්ගහවත්ත හා දික්කුඹුරේ පස් දෙනකු මියගොස් හතර දෙනකු රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සුදු ගඟින් එගොඩවන්නට ගිය පුද්ගලයකු අතුරුදන් වී අතැයි ද වාර්තා වේ.
නිවාස තුන්සියයක් පමණ ගංවතුරින් යටවී ඇති බව මාතලේ දිසාපති හෙලන් මිගස්මුල්ල මහත්මිය කියනීය.
පස් කඳු කඩා වැටීමෙන් මාතලේ- මහනුවර මාර්ගයේ බලකඩුව ද වසා දමා තිබේ.