මාතලේ ගජ විරුවෝ සැමැරෙති


1977 දී එක්සත් ජාතික පක්‍ෂ ජයග‍්‍රහණයේ වසර 35ක් සැමැරීමේ උත්සවයක් ගලේවෙල දී අද පැවැත්විණි. මධ්‍යම පළාත් මන්ත‍්‍රී සංජීව කවිරත්න මහතා විසින් සංවිධානය කැරුණු මේ උත්සවය ”ගජ විරු සැමැරුම” ලෙස නම් කැර තිබිණි. පක්‍ෂ ජයග‍්‍රහණයේ මාතලේ දිසා විරුවන් වන ඇලික් අලූවිහාරේ, ඒ.ඩබ්ලිව්.කේ.එම්. ඒකනායක, පී.බී. ක විරත්න හා ජේ.ටී. විජයරත්න බණ්ඩා මහත්වරුනට එහිදී උපහාර පිදිණි. 1977 දී මාතලෙන් පත් වූ මන්ත‍්‍රීහු ඔවුහුය. ඒ සිවු දෙනාම මිය ගොසිනි. ඔවුන්ගේ නෑයෝ පැමිණ සිටියහ.ඇතැම් සාමාජිකයෝ කිහිලිකරුවලින් ආහ.