මාතලේ කුලල් කා ගැනීම් වැඩිලු


 ‘මාතලේ දිස්ත්‍රිකකයේ මන්ත්‍රීවරුන්ගේ කුලල් කා ගැනීම නිසා දේශපාලනය කැඳ හැලියක් බවට පත්වෙලා.  මැති ඇමැතිවරුන්ගේ වැඩ නිසා  නිලධාරීන් වැඩ කරන්න බය වෙලා.පරණ අලුත් ඇමැතිවරුන් දේශපාලනය පටලවගෙන ඉන්නේ .මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මේ නිසා කඩා වැටිලා යැයි‘ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා  අද (27) පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

සභාපතිවරයා මෙසේද කීහ.

‘මේ කඹ ඇඳීම නතර කර සියලු දෙනා එක් විය යුතුයි.ජනාධිපතිවරණයත් ළඟ ඒනවා එයටත් මේවා ප්‍රශ්නයක් වේවි.මේ කුලල් කා ගැනීම් ජනතාවට  දැන් සාපයක් වෙලා මේවාට උඩ ගෙඩි දෙන්න එපා‘.