මාතලෙන් හිස් කබල් හයක් ගොඩ ගනියි
මාතලේ රෝහලේ සමුහ මිනී වළෙන් හිස් කබල් හයක් අද සවස් වන විට ගොඩගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන කියයි. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැනීම් සිදුවේ.
දින තුනකින් පමණ කැනීම් අවසන්වෙතියි අපේක්‍ෂා කෙරේ. ඇටකටු කෙතරම් පැරැණිදැයි සොයාගෙන නැත. එම ඇටකටු පිළිබඳව මෙරටදී නිශ්චිත තීරණයකට එළැඹීමට නොහැකි වුවහොත් විදෙස් සහය පතන බව ද දොස්තර ජයසේන කියයි

