මාතර පෝලිම කිලෝමීටර 12යි


මාතර වැලිගම කොටිකාගොඩ රජමහා විහාරයේදී කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය අද උදේ 11.40ට පමණ ඇරඹිණි. පෙර දින වැසිද නොතකා මහා පාරේ පැදුරු එළාගෙන මහජනයා නිඳා සිටියහ. ඔවුන් වෙනුවෙන් අද තවත් කොපි හා තේ දක්සල්ද සංවිධානය කර ඇත. අද දහවල් 12 වන විට පෝලිම කිලෝමීටර් 12ක් දික්වී තිබිණි.