මාතර පොළේ වෙළෙන්දෝ වීදි බසිති


මාතර නිල්වලා පාලම අසල පොළේ වෙළෙන්දෝ පොළේ කඩ ඉල්ලා මාතර බස් නැවතුම් පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. වෙළෙඳුන් 300ක් පමණද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට එක්වී සිටිති. බස් ඇතූළු වාහන ගමනාගමනයද අවහිර කරමින් ඔවුහු මේ විරෝධය පළ කරති. තමන්ට කඩ දෙන පොරොන්දුව පිට නාගරික සංවර්ධන අධිකාරිය මාස තුන හතරකට පෙර තමන් ඉවත් කළ නමුත් මෙතෙක් කඩ ලැබී නැතැයි බොහෝ වෙළෙන්දෝ පවසති. එක් වෙළෙන්දෙක් සිරුරට පෙට්රල් වත්කර ගත් බවද මේ දැන් වාර්තා විය.