මාතර තෝමසුවෝ දේවපතිරාජය පරදවති


මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 63 ක ජයක් ලැබීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක යෙදුන ශාන්ත තෝමස් විද්‍යාලයේ ලසිත් ලක්ෂාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 20 ක් සමගින් පන්දු 166 කදී ලකුණු 146 ක් ලබාගනිමින් එම ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. ලක්ෂාන්ගේ ශතකයට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ජයංග නිර්මාණ සහ ධනුෂ්ක ලංකා ලකුණු 56 ක් සහ 51 ක් බැගින් ලබා ගත්හ.
දේවපතිරාජ විද්‍යාලයේ දිල්ෂාන් කාංචන ලකුණු 58 කට කඩලූ 5 ක් බිඳ දැමීමට සමත් විය.
ශාන්ත තෝමස් පළමු ඉනිම - කඩුලූ 8 ට 270
(ලසිත ලක්ෂාන් 146, ජයංග නිර්මාණ 56, ධනුෂ්ක ලංකා 51, දිල්ෂාන් කාංචන 5/58, සසිඳු සත්සර 2/93)
දේවපතිරාජ පළමු ඉනිම - සියලූ දෙනා දැවී 68
(ප‍්‍රසන්න කරුණාවංෂ 14, මඳුරංග පියුමන් 10, රෂික දමිත් 4/16, අශාන් ලසිත් 2/3, හෂාන් විමර්ෂණ 2/27)
දේවපතිරාජ දෙවන ඉනිම - සියලූ දෙනා දැවී 139
(ප‍්‍රසන්න කරුණාවංස 33, නිලන්ක රුක්ෂිත 29, ලහිරු මධුවන්ත 22, උදේෂ් මධුසංක 11, නෙවිඳු උදේෂ් 3/20, ජයංග නිර්මාණ 2/13)