මාතර ගම්මාන රැසකට අනතුරු ඇඟවීම්


 
(තරිඳු ජයවර්ධන හා හර්ෂණ තුෂාර සිල්වා)
 
නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ප්‍රදේශ අවට දැඩි ගංවතුර අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. නිල්වල ගංඟාවේ ඉවුරු කඩාගෙන යෑමේ තත්ත්වයක් උද්ගත ව ඇති හෙයින් ආරක්ෂිත ස්ථානවලට බලධාරීහූ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිති.
ගංඟාවේ ඉවුරු කඩාගෙන යෑමත් ගංවතුර ආරක්ෂිත බැම්ම කඩා ගෙන යෑමත් නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ඒ අනුව ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, මාදුරුදූව, පරහත්ගොඩ, කද්දූව යන නිල්වලා ගංඟවේ පහළ ද්‍රෝණිය ආසන්න හා ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි උපදෙස් දී තිබේ.
ජල මට්ටම ඉහළ යන්නේ ද නැද්ද දෙස නොබලා හැකිතාක් ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි ද සවස් වරුට වඩා මේ වනවිට ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.