මාගම්පුර වරායේ නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
වරායට පැමිණෙන නැව්වලට ඉන්ධන සැපයීම අද සිට ඇරඹිණ.
හෙක්ටයාර 20 ක පමණ භූම් ප්‍රමාණයක මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ඉදිකර ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින් ඉදිකොට ඇති නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයෙහි තෙල් ටැංකි 14 කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකර අතර අතර එහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80000කි.
ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින් ද ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින් ද එල්.පී. ගෑස් ටැංකි 03කින් ද සමන්විත වේ.
මෙම අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක් වුහ.

