මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක්


ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. මෙය පැනමාවේ ලියාපදිංචි බඩු නැවකි. එම නැව ශ්‍රී ලංකාවට කාර් 15ක් රැගෙන ආවේය. අද දහවල් වන විට වාහන දහසක් රැගත් තවත් නැවක් එතියි වරාය නිලධරයෝ කියති.