මාකන්දන මිනී වළෙන් ඇට සැකිල්ල මතු කර ගනී


පිළියන්දල මාකන්දන මිනීවළ පැය කිහිපයක් තිස්සේ හාරා ඇටකටු මතු කර ගත් බව පොලිසිය කියයි.

ඉළ ඇට කැබැල්ලක් මුලින්ම සොයා ගත් බවත්, ඇටසැකිල්ල හිස්කබල ද සමග වෙනම ඇති බවත් පොලිසිය කියයි.

ඇටසැකිල්ල තනි කොටසක් ලෙස ගොඩ ගැනීම පොලිසියේ උත්සාහයයි.

වළේ පළල අඩි තුන හමාරක් පමණ වන අතර ගැඹුර අඩි හතරකි.

සැකකාර දෙවැනි සැමියා වන වාසනා පැතුම් ගුණවර්ධන ද දැඩි ආරක්ෂාව මැද එහි ගෙන එනු ලැබ සිටී.

ඔහු වසර තුන හමාරකට පෙර ඝාතනය සිදු කළේ ද එම  නිවසේ දීමය.

ගැමියකු මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාට කියා ඇත්තේ කුණු දැමීම සඳහා තමා ලවා වලක් කප්පවා ගත් බවයි. ඒ සඳහා රුපියල් තුන් දහසක් ගෙවූ බව ද ඔහු කියා ඇත.