මළත් ස්වාමියා හැර නොයයි


මෙයට පෙර මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලා පිළිබඳව යුරෝපා මාධ්‍ය ඡායාරූපත් සමග නැවත වතාවක් විසිතර පළ කරයි. 2006 වර්ෂයේදී අර්ජන්ටිනාවේ  බුවනෝස් අයර්ස් නුවර මියගිය මිෂේල් ගුස්මන්ගේ අවසන් කටයුතු සමග නිවසින් අතුරුදන් වූ කප්ටයින් නම් සුරතල් බල්ලා ඊට දින කිහිපයකට පසු ඥාතීන්ට හමුවනුයේ ගුස්මාන් මිහිදන් කළ සොහොන මතදිය. එතැන් සිට අද දින තෙක් කප්ටයින් එම සොහොන අසලින් ඉවත්ව නොයන බවත් අවශ්‍ය කෑම බීම තමන් එම ස්ථානයට ගෙනවිත් දෙන බවත් ගුස්මාන්ගේ නෑයෝ කියති.