මහේස්ත‍්‍රාත්ගේ පොකැට්ටුවටත් ගහයි
වවුනියාව මහේස්ත‍්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ මුදල් පසුම්බිය කොළඹ කොටුව දුම්රියපොළේදී පික්පොකට් ගැසූ බව කියන දෙදෙනෙක් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. යුද හමුදාවේ සාමාජියකු බව කියන පුද්ගලයකු හා තවත් අයකු අල්ලා ගත් බව පොලිසිය කියයි.
කොළඹ පැවැති රැස්වීමකට ඔහු දුම්රියෙන් පැමිණි බව දැනගන්නට ඇත.

