මහේස්ත‍්‍රාත් නිල නිවසට මැරයෝ පනිති


වරකාපොළ මහේස්ත‍්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධරයකුගේ ටී 56 ගිනි අවිය අවිගත් දෙදෙනකු විසින් පැහැර ගන්නා ලදැයි වරකාපොළ පොලිසියට පැමිණිලි කැර ඇත. මුර සේවයේ යෙදුණු කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් අයකු වතුර බීමට ගොස් සිටියදී එහි කඩාවැදුණු දෙදෙනා කොස්තාපල්ගේ මුහුණට ඇසිඞ් වැනි දියරයක් ගසා අවිය රැගෙන යතුරුපැදියකින් පලා ගොස් ඇත.