මහේස්ත්‍රාත්ට බැන වරද පිළිගනී


කොළඹ කම්කරු අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුට බැන තර්ජනය කර රුපියල් සියයක් කොල්ලකෑමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන්  වරද පිළිගත් අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය අද නියෝග කළාය. කොළඹ නාලන්ද විද්‍යාලයයේ පිහිනුම් තටාකය අසල දී  පියල් රණතුංග මහේස්ත්‍රාත්ගෙන්  රුපියල් සියයක් ඉල්ලා තර්ජනය කළැයි කඩවත මනෝජ් පුෂ්ප කුමාර  එසේ වරද පිළිගත්තේය.