මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි


පොලිසිය ගොනු කළ සාක්කි පරස්පර බැවින් දැරණියගල මානික්කන්ද විදුහලේ විදුහල්පති ඝාතන නඩුවේ සැකකරු නිදහස් කරන බව ප්‍රකාශ කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසට පොලිසියට අවවාද කළේය.

දැරණියගල කනගරත්නම් ජෙයසුන්දරම් හෙවත් ‘මුරුගා‘ මේ අනුව නිදහස් කරනු ලැබීය.

2007 ජනවාරී 27 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මානික්කන්ද විදුහල්පතිට පහර දී ගලක් හිස මතට දමා ඝාතනය කොට තිබිණි.

සාක්කි කරුවන් හය දෙනාගේ සාක්කි පරස්පර විය. දැරණියගල පොලිසියේ හිටපු ස්ථානාධිපති තිස්ස ගුණතිලක මහතා ඇතුළු නිලධාරින්ගේ සාක්කි හා සටහන්ද ක්‍රමානුකූලව නොතිබීම නිසා මෙම චෝදනා සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට නොහැකි වූ බව අධිකරණයේදී කියැවිණි.

විත්තියේ නීතිඥ හරිත සේනානායක මහතා පරස්පරතා හා දුර්වලතා පෙන්වා දෙමින් පැවැසුයේ පොලිසිය හිතාමතා තම රාජකාරීය පැහැර ඇති බවය. පොලිස් සුනඛයින් මීට වඩා අවංකව කටයුතු කරන ඔහු කීවේය.

සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් නීතිඥ හරිත සේනානායක මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියාය.