මහේෂ්වරන්ගේ මල්ලීට ඇසිඩ් ප්‍රහාරයක්


යාපනයේ ව්‍යාපාරිකයකු වූ ටී කුමාර් කේෂ්වරන් මහතා නල්ලූර් කෝවිලට ගොස් ආපසු එමින් සිටිය දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නල්ලූර් පොලිසිය කියයි. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රීව සිටියදී ඝාතනයට ලක් වූ ටී. මහේෂ්වරන් මහතාගේ සොහොයුරෙකි.