මහේලගේ පළමු කැමැත්ත චන්දිමාල්ට


ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අද (06) පැවැති හමුවේ පළමු අවස්ථාව ලැබූ වයඹ පිලේ නායක මහේල ජයවර්ධන පළමු ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. හිටපු නායක කුමාර් සංගක්කාර සිය පළමු අවස්ථාවේදී තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා තෝරා ගත්තේය. මෙහිදී කණ්ඩායම් 7 ට දේශීය ක‍්‍රීඩකයෝ 16 දෙනකු බැගින් 112 දෙනකු තෝරාගෙන තිබේ.