අයි. පී. එල්. තරගාවලියේ 32 වැනි තරගය ලෙස කිග්ංස් XI පංජාබ් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා කඩුලූ 5 ක පහසු ජයක් ලබාගැනීමට කිග්ංස් XI පංජාබ් පිල සමත්විය.
මෙය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලැබූ 7 වැනි පරාජයයි. මේ වන විට ඔවුන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන ලකුණු 4 ක් ලබා සිටියදී ප‍්‍රවීන් කුමාර්ගේ පන්දුවක් හමුවේ දැවීගියේය.
ඕවර 4 ක් යවා ලකුණු 24 කට දිල්ලි පිලේ කඩුලූ 3 ක් දවාගත් හර්මීට් සිං තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 120
(විරේන්ද්‍ර ශෙවාග් 23, ඬේවිඞ් වෝනර් 40, මන්පී‍්‍රත් ජුනේජා 14, ඉර්ෆාන් පතන් නෙදැවී 14, හර්මීට් සිං 24/3, ප‍්‍රවීන් කුමාර් 29/2)
කිග්ංස් XI පංජාබ් පිල ඕවර 17 කදී කඩුලූ 5 ට 121
(මන්පී‍්‍රත් සිං 24, ලූක් පොමර්ස්බැච් 18, ඬේවිඞ් මිලර් නොදැවී 34, ඬේවිඞ් හසී 20)
(**)