මහේලගේ 400 වැනි එක්දින තරගය හෙට


බටහිර ඉන්දීය කොදෙව් සමුහයට අයත් ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය මහේල ජයවර්ධනගේ 400 වැනි එක්දින තරගය වෙයි. වසර 42 ක ඉතිහාසයක් හිමි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග ඉතිහාසයේ එවැනි තරග 400 ක් කී‍්‍රඩා කළ තුන්වැනි කී‍්‍රඩකයා ලෙස මහේල ජයවර්ධන කි‍්‍රකට් ඉතිහාසයට එක්වෙයි.

මහේල හැරුණු විට එක්දින තරග 400 ක් කී‍්‍රඩා කර ඇති සෙසු කී‍්‍රඩකයන් වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (463) සහ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය (445) පමණි.

වසර 1998 ජනවාරි 24 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සිය පළමු එක්දින තරගයට කී‍්‍රඩා කළ මහේල මේ දක්වා, ශතක 16 ක් ද සමගින්, එක්දින තරග 399 කදී ලකුණු 11,237 ක් ලබා සිටී. මහේල එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2011 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී ලබාගත් ලකුණු 144 යි.

කෙසේ වෙතත් මහේලගේ විශිෂ්ටතම එක්දින ඉනිම ලෙස සැලකෙන්නේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත පිලට එරෙහිව කිංග්ස්ටන්හිදී නොදැවී ලබාගත් ලකුණු 115 යි. ලෝක කුසලාන (ඕවර 50) අවසන් තරග දෙකකටම කී‍්‍රඩා කර ඇති මහේල 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී නොදැවී ලබාගත් ලකුණු 103 ද ඔහුගේ තවත් විශිෂ්ට ඉනිමකි.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන අවසන් මහ තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.  

 

මහේලගේ එක්දින තරග දස්කම්

තරග   ඉනිම්     නො.     ලකුණු   වැ.ල   සාමා.     ප‍්‍ර.වේ.     ශ.    අ.ශ.  
399      373      38       11237     144    33.54      78.56      16     70   

කෙටි යෙදුම් :
නො: නොදැවීම්, වැ. ල: වැඩිම ලකුණු, සාමා: සාමාන්‍යය, ප‍්‍ර.වේ. : ප‍්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව, : ශතක, අ. ශ. : අර්ධ ශතක

 

ලකුණු ප‍්‍රතිවාදී කණ්ඩායම ක‍්‍රීඩාංගණය තරග දිනය
144 එංගලන්තය ලීඞ්ස්    2011 ජුලි 1
128 ඉන්දියාව සාජා    2000 ඔක්තෝබර් 27
126* එංගලන්තය චෙස්ටර් ලී ස්ටී‍්‍රට්    2006 ජුනී 24
123 පකිස්තානය දඹුල්ල 2009 අගෝස්තු 24
120 එංගලන්තය ඇඩිලේඞ්    1999 ජනවාරි 23
116 නවසීලන්තය සාජා 2001 අපේ‍්‍රල් 10
115* නවසීලන්තය කිංග්ස්ටන්    2007 අපේ‍්‍රල් 24
108 බංග්ලාදේශය ඩකා    2010 ජනවාරි 8
107 අප‍්‍රිකානු ඒකාබද්ධ කණ්ඩායම චෙන්නායි    2007 ජුනී 10
107 ඉන්දියාව කිංග්ස්ටන්    2013 ජුලි 2
106* බ.ඉ.කො මහනුවර 2001 දෙසැම්බර් 15
103* ඉන්දියාව මුම්බායි    2011 අපේ‍්‍රල් 2
101* එංගලන්තය ආර්.පේ‍්‍රමදාස 2001 මාර්තු 25
101 පකිස්තානය විශාකාපත්නම්    1999 මාර්තු 27
100 එංගලන්තය මැන්චෙස්ටර් 2006 ජුනී 28
100 කැනඩාව හම්බන්තොට 2011 පෙබරවාරි 20