මහේල . සංගක්කාර දෙදෙනාම ජයසූරියගේ වාර්තාව අබියස


ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි හයකදී වැඩිම තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වශයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විසින් හිමිකරගනු ලැබ සිටින වාර්තාව අබියසටම තවත් ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පැමිණ සිටිති.

සනත් ජයසූරිය ශූරයන්ගේ කුසලාන තරග 20 කට කී‍්‍රඩා කර ඇති අතර සංගක්කාර සහ මහේල දෙදෙනා මේ වන විටත් ශූරයන්ගේ කුසලාන තරග 18 ක් බැගින් කී‍්‍රඩා කර තිබේ. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග තුනටම කී‍්‍රඩා කරන්නේ නම් මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම සනත් ජයසූරියගේ වාර්තාව අභිබවා යාමේ අවස්ථාව තිබේ.

මෙවර තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් අතුරින් සංගක්කාර සහ මහේල දෙදෙනා හැරුණු විට ශූරයන්ගේ කුසලාන තරග වැඩිම සංඛ්‍යාවකට සහභාගි වී ඇති කී‍්‍රඩකයන් වන්නේ තරග 14 ක් බැගින් කී‍්‍රඩා කර සිටින රැුම්නරේෂ් සර්වාන්, කි‍්‍රස් ගේල්, ඩැනියෙල් විටෝරි සහ ෂේන් වොට්සන් යන සිව්දෙනාය. කොදෙව් පිල,  ඕස්ටේ‍්‍රලියාව හෝ නවසීලන්තය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද මෙම කී‍්‍රඩකයන්ගේ තරග එකතුව වන්නේ 19 කි.

ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ කී‍්‍රඩකයකු විසින් රැුස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ඇත්තේ තරග 14 කදී ලකුණු 695 ක් ලබා සිටින කි‍්‍රස් ගේල් විසිනි.