මහියංගනයට එස්.ටී.එෆ්. මුර


ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් මහියංගනය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා කියයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ සහ ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් මරණීය තර්ජනය කළ යැයි කියන සිද්ධියක් පසුගිය දා මහියංගනයෙන් වාර්තා විය.

408