(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගීවීම සඳහා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (23) අවසර දුන්නේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කිංසි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙන්වෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
ඒ අනුව ලබන මස 09 වැනිදා සිට 17 වැනිදා දක්වා මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විදේශගතවීමට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව විභාගයට ගන්නා ලබන ඔක්තෝම්බර් 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය.