හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු දෙදෙනෙක් අද (22) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියහ.
මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණියේ නම් එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් බව ඔවුහු පැවසූහ. වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ පත්වීමද අනුමත කළ නොහැකි බවත් ජනපතිවරණය කැඳවා තිබියදී තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමැති ධූරය ලබාදීම ජනපති බලතල යටතේ සිදුකළ බවත් ඔවුහු එහිදී පැවසූහ.
නීතිඥ ඇන්ටන් සේනානායක ඇතුළු මහත්වරු එහිදී මාධ්‍යයට අදහස් දැක්වූහ.

