(විනිතා එම් ගමගේ සහ ඡායාරූප - ළහිරු හර්ෂණ)
පෙරවරු 10.15
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණීමට නියමිතය.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ වන විට ආධාරකරුවෝ රැස්ව සිටිති.
පෙරවරු 11.25
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනකු පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියේය.
ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය.
(අපරාධ පරික්ෂණ නිලධාරීන් පැමිණෙන අයුරු)
(හිටපු ජනපතිවරයා නිවසට පැමිණෙන අයුරු)