සූරියවැව සන්ධාන හිතවතකුගේ නිවසට ගිනි තබා ඇතැයිද එම ගින්නෙන් ත්‍රී රෝද රියක් හා යතුරු පැදියක් විනාශවී ඇතැයිද පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකපිට පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මේ අතර අඟුණකොළපැලැස්සේදී සන්ධාන ආධාරකරුවන් දෙදෙනකුගේ නිවාසවලට පහරදී ඇතැයිද තංගල්ලේදී සන්ධාන හිතවතකුට ගල්කටස් අවියකින් වෙඩි තැබීමට තැත් කළ බව කී අයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

