මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි


සුජිත් හේවාජුලිගේ
 
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ  පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.


ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි බොහෝ නීති විශාරදයන්  කරුණු පෙන්වාදී ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳ කරුණූ විමසීමට බලාපොරොත්තු වන බවද ඒ ප්‍රකාශකයා කීවේය.