මහැදුරු පරණවිතාන පිළිරුවක් විවෘත වෙයි.


පුරාවිද්‍යව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කල මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භූමියේදී නිරාවණය කැරණි. 1896 ගාල්ලේ දී උපන් පරණ විතාන මහතා පාසැල් ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරැඹීය. 1915 දී සිංහල තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ලංකා ඉතිහාසය හා පුරාවස්තු පිළිබඳ ප‍්‍රාථමික විභාගයෙන් ඉතිහාසය විෂය සඳහා දිවයිනෙන්ම ප‍්‍රථමයා වීම එතුමාට පුරාවිද්‍යා විෂය කෙරෙහි දැඩි ඇල්මක් ඇති කරවීමට හේතු විය.