මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි


කොළඹ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එච්. පී කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු  පන්තියේ නිලධරයෙක් විය. පසුගිය මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වීමේ ලිපිය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණේ අප්‍රියල් 26 වැනිදාය. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් ඉදිරිපත් කැර තිබිණි. මෙම විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමෙන් කළ ඉල්ලීමට එම කොමිසමෙන් අනුමැතිය ලැබී , ඒ අනුව රජයට අයවීමට ඇති මුදල් විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට යටත්ව රාජ්‍ය හා අධිකරණ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනතේ 02-12 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුකූලව විශ්‍රාම ගන්වා ඇත. රාජකාරි ලිපි ලේඛන බඩු බාහිරාදිය නියෝජ්‍ය විදුහල්පතිට බාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ ඩී එස් සදීකා මහත්මිය පසුගිය අප්‍රියල් 26 වැනිදා ඔහුට දැනුම් දුන්නාය.