මහාධිකරණය මහේස්ත්‍රාත් තීන්දුව අවලංගුකරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට නොහැකි යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් දෙන ලද නියෝගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා වර්ණකුලසූරිය මහතාට ඔහු වෙනුවෙන් පෙනී සිටිමට හැකි යැයි නියෝග කෙළේය. සැකකරුගේ කැමැත්ත නැතිව ඔහුට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව මහේස්ත්‍රාත් නිගමනය විය. අපරාධ නඩුවකදී කැමැත්ත අවශ්‍ය නැතැයි ද කැමැත්ත අවශ්‍ය වනුයේ සිවිල් නඩුවක දී යැයි ද මහාධිකරණ විනිසුරු ප්‍රකාශ කෙළේය.

