මහාචාර්ය මෙන්ඩිස්ට යුනෙස්කෝ මහා තනතුරක්


පොලොන්නරුවේ ජයන්තිපුරයේ ඉපිද ඇමරිකාවේ පුරවැසිභාවය ලැබූ  මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් යුනෙස්කෝ සංවිධානයේ ඇමරිකා කොමසාරිස්වරයකු ලෙස රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පත් කරනු ලැබීය. මෙම තනතුරේ වගකීම වන්නේ යුනෙස්කෝ හා බැඳුණු කටයුතුවලට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දීමය. මොහු අවම වශයෙන් ඉදිරි වසර තුනක් මේ තනතුරේ සේවය කරයි. අධ්‍යාපනඥයකු තානාපතිවරයකු ගත්කතුවරයකු හා රාජ්‍ය සේවයේ විධායකයකුවන ඔහු බෙන්ජමින් පුදක්ලින් සම්මානයෙන්ද පුද ලද්දේය. ඇමරිකාව  නියෝජනය කරමින් මේ තනතුරට පත් වූ ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා මොහු වන අතර මෙම පත්කිරීමට පෙර ඔහු ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා විෂය ඉගැන්වූ මහචාර්යවරයා විය. එමෙන්ම මොහු වර්ජිනියා හි ජෝර්ප් මේසන් විශ්ව විද්‍යාලයේ මහජන හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි. තවද, ඔහු යේල් හා මේරිලන්ඞ් යන විශ්ව විද්‍යාලවලද සේවය කර ඇත. ලෝ සුපතල මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් මහතා ජාත්‍යන්තර රාජ්‍ය ආයතන ගණනාවක සම්මාන සාමාජිකත්වය දරන අතර ඔහු ලෝක සම්මාන ගණනාවකටද හිමිකම් දරයි. විකීපීඩියා විශ්වකෝෂය මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස්ගේ  නව  පත්වීම පිළිබඳව පිටුහයක විස්තරයක් පළ කර ඇත.