මහාචාර්ය ගාමිණි සමරනායක උසාවි කැඳවයි
සරසවි පිවිසුමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය යළි සකසන ලෙස දුන් නියෝගය පැහැර හැරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු දැක්වීම සඳහා ලබන 23 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභපති මහාචාර්ය ගාමිණි සමරනායකට ත්‍රි පුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය අද නියෝග කෙළේය. ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අග විනිසුරුවරිය විනිශ්ච මණ්ඩලයේ සභාපතිවරිය වූවාය.

