මහා පක්ෂ දෙක ඡන්ද නීති කඩලා


සබරගමුව, උතරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 12ක් සිදු වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැපේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. පහරදීමක් හා රථවාහන පෙළපාළි 11ක් පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද පැමිණිලි කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් හා ආධාරකරුවන් පිරිසක් මීට හවුල් බව ද ඔහු කීය.