ලොව පුරා විසිරි සිටින කිතුනුවන් භක්ති ආදරයට ප්‍රාත්‍ර වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නත්තල් උත්සවය 25ට යෙදී තිබේ.
මේ නිම්ත්තෙන් පැවැත්වෙන ප්‍රධාන කතෝලික දේව මෙහෙය 24 මධ්‍යම රාත්‍රි 12 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා කියයි.
කළුතර කලමුල්ල ජේසු බිලිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන මෙම දේව මෙහෙය නත්තල් සම්ප්‍රධායික වත් පිළිවෙක් වළට අනුව දේව දුතයින්ගේ දේව මෙහෙය ලෙස සැලැකේ. දේව දූතයින් එඩේරුන්ට ජේසු බිලිදුන්ගේ උපත පිළිබඳව ආනන්ද ජනක පුවත ප්‍රකාශ කරනු ලැබුවේ මෙදින මධ්‍යම රාත්‍රී යේය.
මෙම මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවේදී කොලඹ අගරදගුරු කාදිනල්තුමෝ සිය නත්තල් සුභාශිසන සමඟ දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරති. ජේසු බිලිඳුනගේ උපත සිහිපත් කිරීමේ සංකේතයක් ලෙස ගවලෙනෙහි වැඩසිටින ජේසු බිලිඳුන්ගේ ප්‍රතිමාවද එතුමෝ සිපාචාර කරති.
මෙදින මධ්‍යම රාත්‍රීයේ පැවැත්වෙන ජේසු දිව්‍ය පූජා සඳහා සහයක රදගුරුතුමන්ලාද සහභාගි වෙති.
එව්වෑනුවෙල් ප්‍රනාන්දු සහයක අග රදගුරුතුමන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ නත්තල් දේව මෙහෙයට ද, මැක්ස්වල් සිල්වා සහයක අග රදගුරුතුමා කලු අග්ගල කන්‍යමරිය මාතවගේ දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට ද සහභාගි වෙති.

