මහා දුරක් ආවත්


මිහින්තලේ මහාකනදරා වැවේ දිය කඩිතකින් පැන් පවස නිවා ගැනීමට ආ දළ ඇතෙකි. පෙනීමේ දුර්වලතාවයක් ඇතැයි කියන මේ ඇතා ගිය වසරේ අගෝස්තු මාසයෙත් එහි පැමිණ ඇත. ඇතාගේ උඩ අඩි නවයක් පමණ ඇත. දෙදළ අඩි 4ක් පමණ දිගය. පිටුපස කඳුවැටියෙන් පෙනෙනුයේ මහින්තලා වෙහෙරයි. මාස තුන හතරකින් උතුරු මැදට වැසි ලැබී නැත.