ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් මෙවර වෙසක් පුන් පොහොය දිනයේදී සාංඝික දානයක් පිරිනැමීය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදසී නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඥ නිකායේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි ඇතුළුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන් රැසක මහා සංඝයා වහන්සේ විසිනමක් දානය සඳහා වැඩම කර සිටියහ.
සම්බුදු තෙමඟුල මෙනෙහි කරමින් වෙසක් පුන් පොහොය දිනයේ ශ්‍රී ලාංකික ජනතාවටත්, ශ්‍රී ලංකා රජයටත් ජනාධිපතිටත් සෙත් පැතීම මෙම පින්කමෙහි අරමුණ වූ බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
වෙසක් උත්සවය සහ පිංකම වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලයය බෞද්ධ කොඩි සහ පහන් කුඩු යොදා අලංකාර අන්දමට සරසා තිබුණි.
සීලවිමල නාහිමියන්, ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියන් සහ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ අනුශාසනා පැවැත්වුහ.

