මහා කුඩුකරුගේ වස්තුව තහනමට
පොලිසිය මඟ හැර සිටින බඩෝවිට වෙළේ ‘සුදා‘ නම් හෙරොයින් කුඩු විකුණන්නාගේ චංචල නිශ්චල දේපොළ තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය අද තීන්දුවක් දුන්නාය. ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගේ බිරිය වන පිලිදුව බෝගහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී හෙවත් සුජී අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කීවේ වෙළේ සුදා කුඩු, අබිං හා වෙනත් නීති විරෝධී දෙයින් උපැයු වත්කම් තහනම් කරන ලෙසයි. ඉන්දියාවේ සිට බොරු නමකින් ශ්‍රී ලංකාවට ආ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීවේය. කොළඹ, දෙහිවල, කඩුවෙළ, නුගේගොඩ, හා රාජගිරියේ ඔහු සතු මන්දිර, තට්ටු නිවාස, යාන වාහන ඇතුළු දේපොළ සොයාගත් බවත් කොළඹ බැංකු කිහිපයක ආරක්ෂිත කුටිවල මුදල් ද රුපියල් දස ලක්ෂ ගණන් විටිනා රන් ආබරණ ද සොයාගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

