මහා උසාවිය ඇමැති මෝසම විසිකරයි


නව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කෙළේය. ඔහු එම මෝසම ගොනු කෙළේ 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිළුල වැරැදි බව පවසමින් එම ප්‍රතිළුලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික පෙත්සම් විභාග කර එහි තීන්දුව ලබන ජූනි 30ට පෙර දීමට දින නියම කැර තිබියදීය. මෝසම අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග, හා කේ. ශ්‍රී පවන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි. ශ්‍රේෂ්ඨාධිකරණ පෙන්වාදුන්නේ විශ්ව විද්‍යාලයට සිසුන් අතුළු කිරීමේ බලය විශ්ව විද්‍යාල කොමිසමට මිස ඇමැතිට නැති බවයි.