මහවිරු සැමරුම් ගැන ලංකාව ඉතාලි රජයට කියයි


කොටි සංවිධානයේ මහ විරු දිනය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට ඉතාලියේ කොටි හිතවාදීන් සැරැසෙයි. පලෙර්මෝ, රෙජිවිල්ලියා හා මියෙල්ලා (පලෙර්මෝ) නගරවල පැවැත්වීමට යති. කොටි සංවිධානය යුරෝපයේ ද තහනම් කර ඇත. රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා කීවේ, ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා කොළඹ විදේශ අමාත්‍යාංශය මේ ගැන දන්වන බවයි.