මහවැලි මෝයෙන් කරදිය ගඟ ඉහළට
දැඩි නියඟයත් සමග මුහුදු ජලය වෙරුගල් ආරු මෝයකට ඔස්සේ කිලෝමීටර් හතරක් පමණ දුරට මහවැලි ගඟට මුසු වී ඇතැයි වේරුගල් ප්‍රාදේශීය ලේකම් පී. ධනේෂ්වරන් මහතා කීය. මීට පිළියම් වශයෙන් වරින්වර වේරුගල් අමුණේ ගේට්ටු ඇර මුහුදු ජලය ඉවත් කිරීමට සිදු වී ඇතැයි කලාපය බාර වාරි මාර්ග අධ්‍යක්ෂ එච්.බී. ජුනයිඩ් මහතා පවසයි.

