ක.ග කරුණාරත්න
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යොදවා තිබෙන බෝට්ටු 30 ක් පමණ අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මේ බෝට්ටු එම ස්ථානයේ වැලි ගොඩ දැමීම කරන පෞද්ගලික සමාගමක් සතු වන බව අනාවරණයවී ඇත.
මෙය කිසියම් පිරිසක් විසින් සිදුකර තිබෙන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - කග කරුණාරත්න
ඡායාරූප - නිමල් ජයරත්න