මහරගම නාවින්නේදී බිරිය හා දියණිය මරුමුවට පත් වූ ලොරිය පැදවූ පියා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දීප්ති ලියනගේ මහතා නියෝග කළාය. කාර්මිකයකු වන එස්.ඒ.අජිත් ප්‍රියංගට එසේ ඇප නියම විය. ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවි බාරයට ගත් අතර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ලංගම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කැරිණි.

